හෝමියෝපති වෛද්‍ය ක්‍රමය.
හෝමියෝපති වෛද්‍යක්‍රමය ගැන බොහෝ දුර්මත
වර්ථමාන ජනසමාජයේ පවතින නිසා මෙම ලිපි පෙල ලිවීමට සිත්විය. ඇත්ත වශයෙන්ම හෝමියෝපති
වෙදකම මිනිසුන් අතර ප්‍රචලිතව ඇත්තේ ඉතා අනර්ථකාරී වෙදකමක් ලෙසය. නමුත් සත්‍ය
වශයෙන්ම හෝමියෝපති වෙදකම යන්න නිර්වචනය කල හැක්කේ කල්‍යාන මිතුරකු කියාය. කොටින්ම
කියතහොත් අද උපන් බිලිදෙකුට ඉතා විශ්වාසයෙන් දිය හැකි ප්‍රතිකාරයයි හෝමියෝපති.
දැනට භාවිතයේ ඇති ඇලපති වෛද්‍යක්‍රමය මෙන් හෝමියෝපති වෛද්‍යක්‍රමයද බටහිර වෙදකමකි.
හෝමියෝපති වෛද්‍යවිද්‍යාවේ පියා ලෙස සලකන්නේ
ජර්මන් ජාතික සැමුවෙල් හානිමන්ය. ඔහු බටහිර උපාදිධාරී වෛද්‍යවරයෙක්ය.(එම්.ඩි.) එහෙත්
ඇලපති වෙදකමේ ඖෂධ වලින් ඇතිවන අතුරු ආබාද නිසා එම ප්‍රතිකාර ගැන කලකිරී
ඇලපති වෙදකම අතහැර භාෂා පරිවර්තකයෙකු ලෙස කලක් කටයුතු කලේය. ඔහුගේ විශ්වාසය වුයේ
සුවකිරීම යනු තවත් මිනිසාට අතුරු ආබාද ඇති කිරීම නොවන බවයි. බටහිර ඔසු ගුණ
නිගන්ඩුව පරිවර්ථනය කිරීමට ඔහුට ලැබුනු විට සින්කෝනා පොතු සම්බන්ධ විස්තරය ඔහුගේ
සිත ඇද ගැනුනි. සින්කෝනා යනු මැලේරියා රෝගයට ඇලපති ඖෂධයක් වන කුවිනීන් සෑදීමට
ගන්නා අමුදව්‍යයි. මෙම සින්කෝනා පොතු යුෂ නිරෝගී පුද්ගලයෙකුට බීමට ලබාදුනහොත් ඹහුට
මැලේරියා රෝග ලක්ෂන පහලවන බව හානිමන් සොයාගත්තේය.
හානිමාන් කලේ සින්කෝනා පොතු යුෂ ගෙන තමාම
පානය කර බැලීමයි. මද වේලාවකින් මැලේරියා විශබීජ ශරීරයේ නොමැති වුවද මැලේරියා රෝග
ලක්ෂන හානිමන් වෙතින් පලවෙන්නට විය. ඔහුව ගැහෙමින් උණ ගත්තේය. කුවිනීන් ඖෂධයෙන් කෙරෙන්නේ රෝගියාට
මැලේරියා බිහිකරමින් එය සුව කිරීම බව හානිමන් වැඩි දුරටත් සොයාගත්තේය. මෙවැනි රෝග
ලක්ෂන පහල වන්නේ රෝගීන්ට ඖෂධ වැඩි මාත්‍රාවක් ලබා දීම නිසා යන්නද ඔහු සොයා ගත්තේය.
ඖෂධ වල අනන්ත සුක්ෂම බලයක් කෙරෙහි ඔහුගේ සිත යොමු විය.
ඖෂධ සැදීම සඳහා නොයෙකුත් පැලෑටි යුෂ, සතුන්ගේ
සමහර කොටස්, හිරු එලිය, වැනි දෑද යොදාගනු ලබයි. මෙම ඖෂධ සාදනු ලබන්නේ අමු ඖෂධ
බිඳුවකට මධ්‍යශාර බිඳු 99 ක් යොදා එක්තරා ක්‍රමයකට සොලවා බලගන්වා එය 1 පලමු බලය
ලෙස හඳුන්වා ගනියි. සාදාගත් පලමු බලයෙන් බිඳුවක් ගෙන එයට නැවත මධ්‍යශාර බිඳු 99 ක්
දමා නැවත පෙරකී ලෙසට බලගන්වා ගනු ලබයි. මෙය 2 වෙනි බලය ලෙස හඳුන්වයි. නැවත නැවතත්
මෙසේ 30, 200, හා තවත් වාර ගනනකට වැඩිලෙස බල ගන්වා ඖෂධය හීන කරගනු ලබයි. මෙහිදී
ඖෂධ බලය වෙනුවට ලැබෙන්නේ ඖෂධ වල බලවත් කම්පනයයි.
අරළු වැනි ඖෂධයක් මෙවැනි බලගැන්වීමකට ලක්කල
පසු එහි බඩ විරේක වන අතුරු ආබාධ ගතිය නැතිව යයි. මෙහිදී විශාල ලෙස විරේක වන
පුද්ගලයෙකුට අරළු වලින් සෑදු හෝමියෝපති ඖෂධය දීමෙන් වහා සුවපත් වෙයි. මෙයයි එකට එක
කිරීමයයි පවසන්නේ. ඔබගේ කට මිරිස් වලින් දනවිට අයිස් ජලය බෝතලයක් පානය කලත්
දැවිල්ල නොනවතී. එහෙත් තද උනුසුම් ජලය ස්වල්පයක් පානය කිරීමෙන් කට දැවිල්ල වහා
සුවවෙයි. තවද බෙහෙත් පරීක්ෂා කිරීම සඳහා මීයන් හෝ වෙනත් කිසිම සත්වයකු යොදාගන්නේ
නැත. යොදාගනු ලබන්නේ නිරෝගී මිනිසුන් පමනි.
නිරෝගී ගැහැනු පිරිමි දස දෙනෙකුට පමන වැඩි
මාත්‍රාවකින් ඖෂධ ලබාදී ඔවුන්ට ඇතිවෙන රෝග ලක්ෂන ලියාගනු ලබනවා. වෛද්‍යවරයා කරන්නේ
සමාන වන රෝග ලක්ෂන ඇති ඖෂධ වලින් සෑදු හෝමියෝපති ඖෂධයන් රෝගී පුද්ගලයන්ට ලබාදීමයි.
දැනට ඖෂධ 3500 ක් පමන සොයාගෙන තිබෙනවා. හෝමියෝපති
වෙදකම මගින් එක් රෝගයකට පමනක් පිලියම් කල නොහැක. රෝගියාගේ සමස්ථ ආබාධවලටම ප්‍රතිකාර
කරනු ලබනවා. මෙහිදී රෝගයට නොව රෝගියාටයි ප්‍රතිකාර කරනු ලබන්නේ. මෙහිදී සියළුම රෝග
සුවවෙනවා.
මෙම ලිපියෙන් මා උත්සාහ කලේ හෝමියෝපති පිලිබඳ
මුලික අවබෝධයක් ලබාදීම පමනයි. හෝමියෝපති වෛද්‍යය ක්‍රමය මෙවැනි ලිපියකින්
හඳුන්වාදිය නොහැක.
තවද චීන කටු චිකිස්සාව සමග හෝමියෝපති කිසිම සම්බන්ධයක් නොමැත.