මේ සිද්ධිය අවුරැදු ගනනකට ඉස්සර වෙච්ච දෙයක්. හැටන් රේල්වේ ස්ටේෂන් එකේ මම වැඩ කරන කාලයේ සිරීපාදේ යන මගීන්ට ඒකාබද්ධ සේවයක් තිබුනා. කෝච්චියේ එන මගීන්ට ස්ටේෂන් එකේ ඉදලම බස් එකෙන් නල්ලතන්නියට යන්න පුළුවන් උනා.(දැනුත් එමෙම තමයි.) අපේ ඇමතූම් උපකරණ වලින් අමතන්න අපේම රේල්වේ කට්ටියක් හිටියා. ඒ වගේම සී.ටී.බී. එකේ උපකරන වලින් අමතන්න පොඩිමහත්තයා කියලා අපුරැ සේවක මහතෙක් හිටියා. යන එන බස්රථ ගැන මගීන් දැනුවත් කරන්නේ මේ පොඩිමහත්තයායි. ඉතිං දවසක් මගියෙක් බෑග් එකක් ස්ටේෂන් එකේ අමතක කරලා ගිහින්. මේ සම්බන්දව අයිතිකරැ හොයාගන්න ඇමතුම් උපකරනයෙන් අමතන්න සිද්ධවුනා. ස්ටේෂන් එකේ උපකරන වලින් ඇමතඅවාට පස්සේ පොඩි මහත්තයා බස් මගීන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කලා. ඒ කොහොමද දන්නවද?
,,දුම්රිය ස්ථානයේ තිබී බෑග් රථයක් හමුවී ඇත අයිතිකරැ සිටී නම් බෑග් රථය වහාම ගෙනියන්න.,,
මේ අපරංභසය ඇහැව්ව සියළු දෙනාම හිනාවෙන්න පටන් ගත්තා. මොකද බස්රථ ගැන හැමවේලෙම කියවන පොඩිමහත්තයාට වැරදිලා බෑග්රථය විදියට කියන්න ඇති කියලා. මම වහාම පොඩිමහත්තයා ගෙන්නලා ඇහැව්වා මොකද අර විදියට එනවුස්මන්ට් එකක් දුන්නේ කියලා? ඇයි සර් මම වැරදිද? මේ බලන්නකෝ කියලා පොඩිමහත්තයා බෑග් එක මට පෙන්නුවා. බෑග් එක එහා මෙහා ගෙනියන්න අඩියේ තරමක් විශාල රෝද හයිකරලා තිබුනා. ඇත්තටම ඒක බෑග් රථයක් තමයි.